Showing posts with label විරහ වේදනා. Show all posts
Showing posts with label විරහ වේදනා. Show all posts

ආදරයේ වේදනාව

ආදරයේ වේදනාව
හදට දැනුනු යම් දවසක
හුදකලාව නොතැවී යළි
එන්න මා සොයා, එන්න මා සොයා

දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා
රැජිණ පලා ගිය මොහොතක
නොතැවී යළි ඈ සිහිකර
එන්න මා සොයා, එන්න මා සොයා

ආදරයේ වේදනාව...

ජීවිතයට හිමි ලතැවුල
ඔබ තුරුලට ළං වූ දා
නොතැවී හිඳ තනි යහනේ
මතක සුළං රොදක එතී
එන්න මා සොයා, එන්න මා සොයා

ආදරයේ වේදනාව...

ආදර සැමරුම් කැටි වූ

ආදර සැමරුම් කැටි වූ
නෙතු කඳුළින් මුතු පබුළින්
නිමා කළෙමි සිහිවටනය
යමුනා තීරේ... යමුනා තීරේ
එවන් නිමල මැදුර බලා
වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අත හැරවඩින්න දේවියේ

දහසක් මිණි මල් ලියකම්
පෙම පිඩු වූ රන් කැටයම් ..//
යමුනාවේ තරඟ මතින් මට පිළිඹිබු වේවා
චමත්කාර අතීත සඳු යළිත් ජනිත වේවා

ආදර සැමරුම්...

අපගේ පෙම් පුරාවතින්
දෙරණ හෙළූ කඳුළු ගලා..//
මැදුරත කිරි ගරුඩ පවුරු
පබා කැළුම් දේවා
‍සදාතන වු පෙම් සටහන් එහි සිතුවම් වේවා

ආදර සැමරුම්...