ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොද විස්කම්
හදවත් වී සමහම් නෙගැයුම් කර
සිඳ බිඳලයි භව ගිම්
පැණසර මහ බෝ සතුන්
විරතට පැමිණ නොමින්
පබවත වෙත බැඳෙමින්
පුද දුන් උණු කඳුලින්
ආලය නම් මනු දම් අදහම් නිති
එතැනය සබය සුදම්
ආලය වන් මනරම්...
සහළඟුරෙන් දැවෙමින්
පවසට පැන් වෙනුයෙන්
උරය පලා සතොසින්
පුදදුන් සිය රුහිරෙන්
ආලය නම් මනුදම් සුරකිම් නිති
එතැනය සුරලොව නම්
ආලය වන් මනරම්...
ආදරයේ වේදනාව
ආදරයේ වේදනාව
හදට දැනුනු යම් දවසක
හුදකලාව නොතැවී යළි
එන්න මා සොයා, එන්න මා සොයා
දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා
රැජිණ පලා ගිය මොහොතක
නොතැවී යළි ඈ සිහිකර
එන්න මා සොයා, එන්න මා සොයා
ආදරයේ වේදනාව...
ජීවිතයට හිමි ලතැවුල
ඔබ තුරුලට ළං වූ දා
නොතැවී හිඳ තනි යහනේ
මතක සුළං රොදක එතී
එන්න මා සොයා, එන්න මා සොයා
ආදරයේ වේදනාව...
හදට දැනුනු යම් දවසක
හුදකලාව නොතැවී යළි
එන්න මා සොයා, එන්න මා සොයා
දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා
රැජිණ පලා ගිය මොහොතක
නොතැවී යළි ඈ සිහිකර
එන්න මා සොයා, එන්න මා සොයා
ආදරයේ වේදනාව...
ජීවිතයට හිමි ලතැවුල
ඔබ තුරුලට ළං වූ දා
නොතැවී හිඳ තනි යහනේ
මතක සුළං රොදක එතී
එන්න මා සොයා, එන්න මා සොයා
ආදරයේ වේදනාව...
ආදරයේ උණුසුම ළඟ
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ
තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදේ
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැලලේ
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැඟෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ළඟ...
දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී තැවුලින් හදවත් ඇවිලෙයි
ගීත හඩින් සුසුම් හඩින් පිරුණු ලෝකයේ
සිනහ නැඟෙයි කඳුළු නැගෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ළඟ...
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ
තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදේ
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැලලේ
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැඟෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ළඟ...
දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී තැවුලින් හදවත් ඇවිලෙයි
ගීත හඩින් සුසුම් හඩින් පිරුණු ලෝකයේ
සිනහ නැඟෙයි කඳුළු නැගෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ළඟ...
ආදර සැමරුම් කැටි වූ
ආදර සැමරුම් කැටි වූ
නෙතු කඳුළින් මුතු පබුළින්
නිමා කළෙමි සිහිවටනය
යමුනා තීරේ... යමුනා තීරේ
එවන් නිමල මැදුර බලා
වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අත හැරවඩින්න දේවියේ
දහසක් මිණි මල් ලියකම්
පෙම පිඩු වූ රන් කැටයම් ..//
යමුනාවේ තරඟ මතින් මට පිළිඹිබු වේවා
චමත්කාර අතීත සඳු යළිත් ජනිත වේවා
ආදර සැමරුම්...
අපගේ පෙම් පුරාවතින්
දෙරණ හෙළූ කඳුළු ගලා..//
මැදුරත කිරි ගරුඩ පවුරු
පබා කැළුම් දේවා
සදාතන වු පෙම් සටහන් එහි සිතුවම් වේවා
ආදර සැමරුම්...
නෙතු කඳුළින් මුතු පබුළින්
නිමා කළෙමි සිහිවටනය
යමුනා තීරේ... යමුනා තීරේ
එවන් නිමල මැදුර බලා
වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අත හැරවඩින්න දේවියේ
දහසක් මිණි මල් ලියකම්
පෙම පිඩු වූ රන් කැටයම් ..//
යමුනාවේ තරඟ මතින් මට පිළිඹිබු වේවා
චමත්කාර අතීත සඳු යළිත් ජනිත වේවා
ආදර සැමරුම්...
අපගේ පෙම් පුරාවතින්
දෙරණ හෙළූ කඳුළු ගලා..//
මැදුරත කිරි ගරුඩ පවුරු
පබා කැළුම් දේවා
සදාතන වු පෙම් සටහන් එහි සිතුවම් වේවා
ආදර සැමරුම්...
Subscribe to:
Posts (Atom)